සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //
රතී වයන්නී රංගා රඟන්නී තණ්හා ගී ගයතී ... //
මෙතින් ලඳුන් වැනි ලඳුන් අසා නැත කිසිදිනයක දියතේ
කිසිදිනයක දියතේ

සවන සනහතී නයන පිනවතී ඉඟ සුඟ නලවාලා ... //
මනස කළඹතී යන්නට සැරසෙතී රඟ දෙන මර දූලා
රඟ දෙන මර දූලා
සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //
සමාධි සම වැද බුදු පුන් සිදුහත් තවුසා වෙසෙනු පෙනේ ... //
නුරා ලතාවට මර අඟනන්ගේ හිමි නැත වසඟ වුණේ
හිමි නැත වසඟ වුණේ

පද රචනය : කරුණාරත්න අබේසේකර
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //
රතී වයන්නී රංගා රඟන්නී තණ්හා ගී ගයතී ... //
මෙතින් ලඳුන් වැනි ලඳුන් අසා නැත කිසිදිනයක දියතේ
කිසිදිනයක දියතේ
සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //
මනස කළඹතී යන්නට සැරසෙතී රඟ දෙන මර දූලා
රඟ දෙන මර දූලා
සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //
සමාධි සම වැද බුදු පුන් සිදුහත් තවුසා වෙසෙනු පෙනේ ... //
නුරා ලතාවට මර අඟනන්ගේ හිමි නැත වසඟ වුණේ
හිමි නැත වසඟ වුණේ
සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //
----------
සංගීතය : සිසිර සේනාරත්න
ගායනය : ඉන්ද්රානි සේනාරත්න
හරිම හරවත් පැරණි ගීයක්
ReplyDeleteඪ
ReplyDeleteහරි ම රසවත්
ReplyDelete